Lenovo

moto e4 - Maintenance Release Notes (Sinhala)

moto e4 - Maintenance Release Notes (Sinhala)


හැඳින්වීම

අපි moto e4 සඳහා නව මෘදුකාංග යාවත්කාලීනයක් නිවේදනය කිරීමට අතිශයින් සතුටට පත් වී සිටිමු. මෙම යාවත්කාලීනය ඔබේ දුරකථනයට

වැදගත් වැඩි දියුණු කිරීම් ගෙන එයි.
Motorola යාවත්කාලීන සහ අලුත්වැඩියා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, www.motorola.com/mymotoe හිදී අප කරා පැමිණෙන්න.
සටහන: ඔබට මෙම යාවත්කාලීනය ස්ථාපනය කළ පසුව පෙර මෘදුකාංග අනුවාදයකට පහත හෙළිය නොහැක.

ඉහළ නැංවීම්

මෙම යාවත්කාලීනය පහත දේ ඇතුළුව වෙනස්කම් හඳුන්වා දෙයි:

  • Android ආරක්ෂාව: 2018 ජූනි මස 5 වැනි දින තෙක් Android ආරක්ෂක පැච්වල යාවත්කාලීනයන් ඇතුළත් වේ.
  • ස්ථාවරත්වය වැඩි දියුණු කිරීම්: ඔබේ දුරකථනයේ දෝෂ නිවැරදි කරන, අවශ්යතාවයන් එක් කරන සහ ස්ථාවරත්වය වැඩි දියුණු කරන වෙනස්කම් ඇතුළත් වේ.

උපදෙස්

සාර්ථක ස්ථාපනයක් සඳහා, අපි ඔබේ දුරකථනයේ බැටරිය අවම වශයෙන් 50% ආරෝපිත වී ඔබ Wi-Fi ජාලයක් වෙත සම්බන්ධ වන විට මෙම යාවත්කාලීනය ස්ථාපනය කිරීමට නිර්දේශ කරමු.
ඔබට මෙම යාවත්කාලීනය සඳහා දැනුම්දීමේ පණිවිඩයක් ලැබී තිබේ නම්:

1. “ඔව්, මම කැමතියි” තෝරන්න.
2. මෘදුකාංගය බාගත් පසුව, “දැන් ස්ථාපනය කරන්න” තෝරන්න.
3. මෘදුකාංගය ස්ථාපනය කළ පසුව, ඔබේ දුරකථනය ස්වයංක්රීයව යළි-ඇරඹෙනු ඇත.
4. ඔබේ දුරකථනය දැන් යාවත්කාලීනයි.

ඔබට මෙම යාවත්කාලීනය සඳහා දැනුම්දීමේ පණිවිඩයක් ලැබී නොමැති නම්, ඔබේ දුරකථනය හස්තීයව යාවත්කාලීන කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න:

1. යෙදුම් මෙනුව තුළ සැකසුම් අයිකනය තෝරන්න.
2. “දුරකථනය පිළිබඳ” තෝරන්න.
3. “පද්ධති යාවත්කාලීන” තෝරන්න.
4. “ඔව්, මම කැමතියි” තෝරන්න. මෘදුකාංගය බාගත් පසුව, “දැන් ස්ථාපනය කරන්න” තෝරන්න.
5. මෘදුකාංගය ස්ථාපනය කළ පසුව, ඔබේ දුරකථනය ස්වයංක්රීයව යළි-ඇරඹෙනු ඇත.
6. ඔබේ දුරකථනය දැන් යාවත්කාලීනයි.

අතිරේක තොරතුරු

ඔබට මෙම උත්ශ්රේණි කිරීම සමඟ අපහසුතාවක් ඇත්නම්, www.motorola.com/mymotoe හිදී අප කරා පැමිණෙන්න.

Was this information helpful?

Your feedback helps to improve this site.